True wisdom comes to each of us when we realize how little we understand about life, ourselves, and the world around us - Socrates

Saturday, August 27, 2011

ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන්

ඔබ මීට පෙර  ගූගල්  විසින් සපයන  ට්‍රාන්ස්ලිටරේෂන් භාවිතා  කර  තිබේද? මෙය සිංහලෙන්  ටයිප් කිරීම  සඳහා  ඉතා හොඳ මෙවලමුකි. මෙම  ලිපිය ටයිප් කළේද මෙම  මෙවලුම භාවිත කිරීමෙනි. ඔබ මේ සඳහා  කල යුත්තේ  සිංහලෙන්  ටයිප් කිරීමට  අවශ්‍යය  වචනය, එහි  ශබ්දය සෑදෙන ආකාරයට ඉංග්‍රීසි අකුරුවලින් ටයිප් කිරීමෙනි.  උදාහරණයක්  ලෙස 'විවෘත' වචනය ගනිමු. මෙම  වචනය ශබ්ද වෙන ආකාරයට ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් වලදී ඉංග්‍රීසි අකුරුවලින් ටයිප් කරන්නේ 'wiwrutha'  ලෙසය. සමහරක් අමාරු වචන මුලදී ටයිප් කිරීමට අපහසු වුවද පුහුණුවක් ලැබූ පසු මෙය ඉතා පහසු වේ.

ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් භාවිත කිරීමට ක්‍රම දෙකක් තිබේ.
  1. http://www.google.com/transliterate/Sinhalese වෙබ් ලිපිනයට ගොස් එහි ඇති notepad එක භාවිත කර ඔබට අවශ්‍ය ලිපිය ටයිප් කර අවශ්‍ය තැනට පිටපත් කරගැනීම. මේ සඳහා ඉන්ටර්නෙට් පහසුකම ඔබගේ පරිගණකයේ තිබිය යුතුය.

  2. http://www.google.com/transliterate/Sinhalese වෙබ් පිටුවේ ඉහළ දකුණු කෙළවරේ ඇති 'Google Transliteration IME' බාගත කොට ඔබගේ පරිගණකයට ස්ථාපනය කිරීම. මෙම මෘදුකාංගය ස්ථාපනය කළවිට  ඔබට  අවශ්‍ය වැඩසටහනට ගොස්  (උදා MS Word)  ඔබගේ පරිගණකයේ  keyboard setting එක Google Transliteration වලට මාරු කිරීම මඟින් එම වැඩසටහනේදී  සිංහලෙන් ටයිප්  කල හැකිය.

මේ පිළිබඳ වැඩි විස්තර Google IME හා Installing Google IME to type in Sinhala  මඟින් ලබා  ගත හැකිය.